පාචනයේ වර්ග
පාචනයේ වර්ග 4 කි. ස්‍රාවීය පාචනය , ආස්‍රැති පාචනය, ආහාර මාර්ගයේ චලනයන් හා සම්බන්ධ පාචනය සහ ආසාදිත පාචනය.
ස්‍රාවීය පාචනයස්රාවීය පාචනය යනු ආහාර මාර්ගයේ සක්‍රීයව සිදුවන ස්‍රාවයන්ගේ වැඩිවීමක් හෝ අවශෝෂණය අඩුවීමක් නිසා හටගන්නකි. මෙහිදී ආහාර මාර්ගය ආකෘතියේ සුළු වෙනස්වීමක් ඇති අතර බොහෝ අවස්ථා වලදී ආකෘතිය සාමාන්‍ය මට්ටමින් පවතී. මේ ආකාරයේ පාචනය ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ ක්ලෝරයිඩ් අයන වැනි ඇනායන ශ්‍රාවය වේගවත් කරන කොළරා ධූරක මගින් ඇති කරන පාචනයයි. මෙහිදී ආන්ත්‍රික කුහරය තුළ ආරෝපිත අයන වල සමතුලිතතාවය පවත්වා ගැනීම සදහා සෝඩියම් අයන ජලය සමග පිටතට ගමන් කරයි.
ආස්‍රැති පාචනයආස්රැති පාචනය ඇතිවන්නේ අන්ත්‍රය තුළ ආස්‍රැතික ද්‍රව්‍යයන්ගේ ප්‍රමාණය ඉහළ ගිය විට අන්ත්‍රය තුළින් අධිකව ජලය ඉවත්වන බැවිනි. මෙය ආහාර ජීරණයෙහි අක්‍රමිකතාවය නිසා ඇති විය හැකිය. උදා - අග්න්‍යාසයෙහි රෝග, සිලියැක් රෝගය. මෙහිදී ආහාර මාර්ගයේ කුහරය තුළ ඉතිරිවන පෝෂක පදාර්ථ වෙතට සිරුර තුළින් ජලය අවශෝෂණය කොට පාචනය ලෙස සිරුරෙන් ඉවත් කරයි.
ආහාර මාර්ගයේ චලනයන් හා සම්බන්ධ පාචනයමෙය ඇති වන්නේ ආහාර ජීරණ පද්ධතියෙහි චලනයන් අසාමාන්‍ය ලෙස ඉහළ ගිය විටයි. මෙලෙස ආහාර ද්‍රව්‍ය ඉතා වේගයෙන් ගමන් කරන විට ප්‍රමාණවත් පරිදි පෝෂ්‍ය ද්‍රව්‍ය සහ ජලය අවශෝෂණය කිරීමට කාලයක් නොලැබේ. මේ නිසා වැඩි ජල ප්‍රමාණයකින් යුක්තව මළ ද්‍රව්‍ය පාචනය ලෙස බැහැර කෙරේ. වේගස් ස්නායුව ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමේදී, දියවැඩියාව නිසා ස්නායු දුර්වල වීමේ දී සහ මාස්ශුද්ධිය ඇතිවීමේ දී වන සංකූලතාවයක් ලෙසට ඉහත කී පාචනය ඇතිවිය හැකිය.
ආසාදිත පාචනයආසාදිත පාචනය ඇති වන්නේ ආහාර මාර්ගයේ ශ්ලේෂ්මල පටක හෝ අංගුලිකා වලට හානිවීමක් සිදුවීමේදීය. මෙමගින් ප්‍රෝටීන වලින් අනුන තරලයක් අක්‍රීයව බැහැර කෙරෙන අතර මෙලෙස හානිවන තරලයන් නැවත සිරුරට අවශෝෂණය කරගැනීමේ හැකියාව අවම වේ. ඉහත සදහන් කළ පාචන වර්ග තුනෙහිම ලක්ෂණ මෙම වර්ගයේ පාචනයට ඇත. බැක්ටීරියා ,වෛරස , පරපෝෂි ආසාදන සහ ආහාර මාර්ගයෙහි ආසාදනයන් ඇති කරන ප්‍රතිශක්ති කරන පද්ධතියේ ගැටළු නිසාද ආසාදිත පාචනය ඇති වේ. |